දකුණු ඇමෙරිකාවෙ වෙනිසියුලාවේ මරකයිබෝ නගරයේ තමයි මේ දරුණු
බන්ධනාගාර පිහිටලා තියෙන්නෙ. මේ සිරගෙදර ඉදිවෙලා තියෙන්නෙ සිරකරුවන්
15000කට වුනාට මෙහි සිරකරුවන් 25000ක් ඇතුලත් වෙනව කියලයි සඳහන් වෙන්නෙ.
සිරකරුවන් 150කටම හිටියෙ එක ආරක්ෂකයයිලු. 1994දි ඇතිවුනු වෙඩි හුවමාරුවකින්
මෙහි සිරකරුවන් 108 දෙනෙකු ඝාතනයට ලක්වෙනව. 1996දී ඇතිවුනු කලහකාරී
තත්ත්වයක් හේතුවෙන් සිරකරුවන් 624 දෙනෙක් තුවාල ලබල සිරකරුවන් 196
දෙනෙක් මරුමුවට පත්වෙනව.
මෙහි සිරකරුවන් ප්‍රමාණය ඉක්මවා යාම හේතුවෙන්, කෑම, වතුර සහ වෛද්‍ය
පහසුකම් ප්‍රමාණවත් නොවුනා පමණක් නෙවෙයි, සිරකරුවන් අතර කෝලාහල ඇතිවීම
සාමාන්‍ය දෙයක් බවට පත්වුනා. අවුරුදු 55ක කාලයක් පුරා ක්‍රියාත්මක වුනු මෙය අවසානයේ
රජයේ මැදිහත්වීමෙන් 2013 වර්ශයේදී වසා දැමීමට කටයුතු කරනව.