Carandiru Penitentiary




බ්‍රසීලයේ සාවූ පාලෝ නගරයේ පිහිටි මෙම සිරගෙය ලෝකයේ බිහිසුණුම සිරගෙවල් අතරින් එකක්. මේක ඉදිකරල තියෙන්නෙ Samuel das Neves විසින් 1920. මේක ලෝක ඉතිහාසයෙ බොහොම කලහකාරී සිරගෙයක් වෙලා තියනව. 1992දි සිරකරුවන් 102ක් සමූලඝාතනයට ලක්වෙලා තියනව. මේ සිරගෙය තුල බොහෝ ලෙඩ රෝගත් තිබිල තියනව, වාර්ථා වලට අනුව සෑම සිරකරුවන් පස්දෙනෙකුගෙන් හතර දෙනෙකුටම HIV අසාදනය වෙලා තිබුනලු. පිටත ලෝකයේද කෙතරම් භයානක තැන් තිබුනත්, සිරගෙවල්ද ලෝකයේ ඇති භයානකම තැන් බවට විස්වාසයෙන් පැවසිය හැකියී.

කවුරුත් දන්න ටෙලි ඇමෙරිකානු ටෙලි කතා මලාවක් වන prison break කතා මලාවේ Penitenciaría Federal de Sona නැමති සිරගෙදරට පාදක වෙලා තියෙන්නෙ මේ Carandiru Penitentiary සිරගෙයයි. Drauzio Varella නැමති වෛද්‍යවරයා ඔහුගේ අත්දැකීම් අනුව ලියපු ග්‍රන්තයක් පසුව චිත්‍රපටියක් ලෙසින් (Carandiru) තිරගතවුනා. කොහොමෙන්හරි අවසානෙ 2002 අවුරුද්දෙ දෙසැම්බර් මාසෙ මේ සිරගෙය කඩා බිඳහෙලන්න කටයුතු කරනව.