මෙක්සිකෝවේ යෝධ පළිඟු ගුහාවල්




පලිඟු ගුහාවල් නොහොත් යෝධ පලිඟු ආකර පිහිටා තිබෙන්නේ මෙක්සිකෝවේ චිවුවාවා ප්‍රාන්තයේ නයිකා නගරයෙයි. 



2000 වසරෙ අප්‍රේල් මාසයේ Peñoles නම් ආයතනයක උමඟක් කැනීමේ ව්‍යාපෘතියක් අතරතුර තමයි මේක හොයාගන්න පුලුවන්වෙලා තියෙන්නෙ. පලිඟු ගුහාවල් නයිකාහී පතල් දක්වා මීටර් 300ක් නොහොත් අඩි 980ක් දක්වා විහිදී පවතී. මෙහි ප්‍රධාන ගුහාව මෙතෙක් ලෝකයේ සොයාගත් විශාලතම ස්වාභාවික පලිඟු වලින් සමන්විතයි. 

ඉතින් මෙතෙක් කාලෙකට හොයාගෙන තියන ලොකුම පලිඟුව අඩි 13ක විශ්කම්භයක් සහ අඩි 39ක දිගගින් යුතු ටොන් 55 බරකින් යුතු පලිඟුව හොයාගන්නෙත් මේ ගුහාවෙ තිබිල තමයි.





පලිඟු ගුහාවන් ස්වභාවධර්මයේ ආශ්චර්යයක් වුවද එහි පවතින තත්ත්වයන් මත එවාට ලඟාවීම දුශ්කර කාර්යයක් වනවා. එසේ ලඟාවීමට හැකිවුනත් ගුහාවන් සෙල්සියස් අංශක 58ක උෂ්ණත්වයකිනුත්, 90%-99% දක්වා ආර්ද්‍රතාවයකිනුත් යුක්ත වෙනවා. ඔය හේතුන් නිසාවෙන් තමයි මේ ගුහාවන් මෙතෙක් කාලයක් පොලොවයට සැඟවී තිබුනෙ. නිසි ආරක්ෂාවක් නොමැතිව මිනිසෙකුට එහි රැදී සිටිය හැක්කෙ විනාඩි 10ක පමණ කාලයක් පමණයි.







යුරේනියම් දිනගනනය මගින් විද්‍යාඥයන් සමත්වෙලා තියනව මේ පලිඟු අවුරුදු 500, 000ක් පමණ පැරණි වෙන්නට ඇතැයි සොයාගන්නට. 



2017 වර්ශයට කලින් පර්යේෂකයන් මේ පලිඟු ඇතුලෙ තිබිල අක්‍රීය ක්ෂූද්‍රජීවීන් හොයාගෙන තියනව. මොවුන් වසර 10000ක කාලයක්වත් මේව තුල සිරවී සිටින්නට ඇතැයි සැලකෙනවා. අවුරුදු 50000ක් දක්වා දීර්ඝ වෙන්නත් පූලුවන් කියල සදහන් වෙනව. ගුහාව තුලින් හොයාගෙන තියන බැක්ටීරියාවන් මේ වනතෙක් පෘථිවියේ වෙසෙන කිසිඳු බැක්ටීරියාවකට ගැලපිලා නැහැ කියලත් හොයාගෙන තියනව.

පහලින් තියන වීඩියෝ එකත් බලන්න.






Home  අපේ ෆේස්බුක් ෆෑන් පේජ් එකට

Comments