එක් අතක් ඇති ඩ්‍රම්ස් වාදන ශිල්පියා



රික් ඇලන් නොහොත් රික් ජෝන් සිරිල් ඇලන් ඉපදුනේ 1963 නොවැම්බර් 1වෙනිද. විශේෂත්වෙ කියන්නෙ කෙනෙකුට ඩ්‍රම්ස් වාදනය කරන්න අත් කීයක් ඕනද, දෙකක් ඕන. දෙකකට වැඩියෙන් තිබුනත් කරන්න පුලුවන් ඉතින්... අත් දෙකෙන්ම කරන වැඩක්නෙ. කොහොමද මේක එක අතකින් කරන්නෙ. බැරි කමක් නැහැ. රික් ඇලන් කරන්නෙ. ඔව් මෙයා එක් අතකින් ඩ්‍රම්ස් වාදනය කරනව. ඒකට මෙයාටම කියල විශේෂ වුනු ඩ්‍රම්ස් සෙට් එකකුත් තියනව. 




ඉතින් මේ අරුම පුදුම ඩ්‍රම්ස් වාදකය ඉන්නෙ ඩෙෆ් ලෙපාර්ඩ් කියන රොක් සංගීත කණ්ඩායමේ. සම්පූර්ණ අවයව සියල්ල වැඩකරන තත්ත්වයේ තිබිලත් අපි සමහරු කරන්න බැරි වැඩ කීයක්නම් අත්හරිනවද? එහෙව් එකේ මෙයාගෙ වැඩ කෑල්ල බලාගන්න පුලුවන් Rick Allen කියල search කරල බැලුව නම්. ඇත්තටම මේ සංගීත කණ්ඩායම නම් එච්චර ප්‍රසිද්ධ නැහැ මම දන්න තරමින්, එහෙත් මෙයාගෙ වැඩ කෑල්ල බලන්නම එන කිහිප දෙනෙකුත් ඉන්නව. 

මෙයා නිසාම සන්දර්ශන බලන්න එන අයත් ඉන්නව. මෙයාට රසිකයන් කියන විශේෂ නමකුත් තියනව. ඒ තමයි "The Thunder God" එහෙමත් නැත්තම්, අකුණු දෙවියන් කියල තමයි කියන්නෙ. 1984දි සිදුවුනු අනතුරකින් තමයි මෙයාට මෙයාගෙ අත අහිමි වෙන්නෙ. එහෙත් මෙයා තමන්ගෙ මානසිකත්වය වට්ටගන්නෙ නැහැ. තමන්ගෙ අනෙක් අතින් වැඩක් ගන්න හිතුව. මේ වගේ අය ගොඩ දෙනෙක් මේ ලෝකෙ ඉන්නව.



Home  අපේ ෆේස්බුක් ෆෑන් පේජ් එකට

Comments