බැරියෙසා ජලාශයේ පිහිටි ඝන්ටාර කටැති නොහොත් හොරනෑ හැඩැති වාන් දොරටුව



බැරියෙසා වැව, කැලිෆෝනියාවේ ඇති විශාලතම ජලාශයක්. මොන්ටිසෙලෝ වේල්ල තමයි මේ බැරියෙසා ජලාශයේ ඝන කිලෝමීටර් 1976ක් පමණ වන ජල කඳ දරාගෙන ඉන්නෙ. ඉතින් ඔන්න ඔය කියන වේල්ල අභියස තමයි අපි අද කතා කරන්න යන morning-glory(හොරනෑ හැඩැති/ඝණ්ඨා කටැති) වාන් දොරටුව පිහිටල තියෙන්නෙ. ඉතින් මේ වාන් දොරටුවට ජලය ඇතුලුවෙන වාන් මුවදොර පිහිටලා තියෙන්නෙ වේල්ලට අඩි  200ක් පමණ දුරින්. ජාලශයේ ජල ප්‍රමාණය අක්කර අඩි 1, 602, 000ක් ඉක්මවා ගියහම තමයි වාන් දොරටුව තුලින් ජලය ගලාගෙන යන්නෙ. 




දොරටුවෙන් ජලය ඇතුල්වෙලා ගලාගෙන යන්නෙ අඩි 72ක විෂ්කම්භයක් තියන නලයක් දිගේ. නලය අවසානය විෂ්කම්භය අඩි 28 දක්වා අඩු කරවන විදිහට තමයි හදල තියෙන්නෙ. ඉතින් නලය තුල ඔය කියන ජල ප්රමාණයක් ගමන් කරන්නෙ ජලාශයේ ජය මට්ටම, වාන් මුවදොරේ මට්ටමට වඩා අඩි 15.5ක් උඩින් තිබුනොත් තමයි.

පැහැදිලි කාරණාව නම් මෙම වා මුවදොර අභියස පිහිනීම තහනම් කරල තියනව කියන එකයි, එහෙම කරන එකත් පිස්සුවක්, මොකද ඒක ඉතාම භයානක වැඩක්. ආරක්ෂක පියවරක් වශයෙන් මෙය වටා ආවර්ණය කරල තියනව කියල තමයි සඳහන් වෙන්නෙ. 1997 UC Davis කියන උපාධිදාරී ශිෂ්යයා මේ වාන් මුවදොර අභියස පිහිනීමේ යෙදෙමින් සිටියදී ජල පහරට හසුවී මියගිහින් කියල සදහන් වෙනව.

ජල පිටවුම



ඉහතින්  පේන්න තියෙන්නෙ ජල පිටවුම, ඉතින් පහත පින්තූරයේ අකාරයට බැරියෙසා ජලාශයේ ජල මට්ටම සැලකියයුතු ප්‍රමාණයකින් සිඳීගිය පසු ලිස්සන පුවරුකරුවන් සහ පා පැදි කරුවන් නල මාර්ගයේ තිරස් අතට ඇති කොටස විනෝදය සදහා යොදා ගනී.



ජලය ගලාගෙන යන වෙලවට කොහොමද කියල බලාගන්න පහලින් තියන වීඩියෝ එකත් බලන්න.







Home  අපේ ෆේස්බුක් ෆෑන් පේජ් එකට